
දෙහිවල, සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නිවසකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් මේ වනවිට වැඩිදුර විමර්ශන අරඹා තිබේ.
ඉකුත් 11වැනිදා අලුයම 3ට පමණ නාඳුනන පුද්ගලයෙකු විසින් අදාළ අත්බෝම්බ ප්‍රහාරය එල්ල කර තිබූ අතර, එම ප්‍රහාරයෙන් අදාළ නිවසේ පදිංචිව සිටි අවුරුදු 11 සහ 17 වයස්වල පසුවන පිරිමි දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
එමෙන්ම බරපතළ තුවාල ලැබූ 55 හැවිරිදි එම දරුවන්ගේ පියාද රෝහල් ගතකරනු ලැබීය.



















































