
කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 184ක ඉලක්කයක් හිමිව තිබේ.
තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දිය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 183කි.
එහිදී ශෆාලි වර්මා ලකුණු 68ක් සහ ස්ම්‍රිති මන්දනා ලකුණු 59ක් ලබාගත්තහ.
පන්දුයැවීමේදී මිතලි අයෝධ්‍යා, චමරි අතපත්තු සහ චමුදි ප්‍රබෝධා එක් කඩුල්ල බැගින් දවාගැනීමට සමත් වූහ.



















































