
රටම එකට ජාතික මෙහෙයුම් යටතේ දිවයින පුරා ඊයේ (12) සිදුකරනු ලැබූ මෙහෙයුම් මගින් සැකකරුවන් 730ක් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ මෙම මෙහෙයුම් මගින් සැකකරුවන් 11 දෙනෙකු සඳහා රැඳවුම් නියෝගද ලබා ගෙන ඇති බවය.
මුළු වැටලීම් 724කට අදාළව මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ මෙහෙයුම මගින් හෙරොයින් ග්‍රෑම් 423ක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර පොලීසිය පැවසුවේ වැටලීම් 242කින් මෙම ප්‍රමාණය සොයා ගැනීමට හැකි වූ බවය.
මීට අමතරව අයිස් ග්‍රෑම් 550ක්, ගංජා ග්‍රෑම් 405, ගංජා පැළ 2,589ක්ද පොලිස් භාරයට ගෙන ඇති බවද පොලීසිය සඳහන් කළේය.



















































