
හොරණ, සව්ගස් හන්දිය පාලම අසලදී ඖෂධ ප්‍රවාහනය කළ ලොරි රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලැබූ පාපැදිකරුවකු හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව හොරණ පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ හොරණ, දික්හේනගම ප්‍රදේශයේ පදිංචිව සිටි 80 හැවිරිදි පුද්ගලයෙකි.
ඉංගිරිය ප්‍රදේශයේ සිට හෝමාගම පිහිටි ඔසුසල් වෙත ඖෂධ බෙදාහැරීම සඳහා ඉංගිරිය-හොරණ මාර්ගයේ ගමන් කරමින් තිබූ ලොරි රථයක, එකවරම දකුණු දෙසට ධාවනය කිරීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇත.
එහිදී ලොරි රථයේ රියදුරුට රථය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයේ දකුණු මංතීරුවට ඇදී ගොස් ඇති අතර, ලොරි රථයේ වම්පස පාපැදිය ගැටීමෙන් පාපැදිකරු විසිවී ගොස් බරපතළ තුවාල ලබා තිබේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පාපැදිකරු වහාම හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔහු මියගොස් ඇත.
සිද්ධියට සම්බන්ධ ලොරි රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාර රියදුරු හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



















































