
මාරවිල, කුරුස පල්ලිය ආසන්නයේ හලාවත මුහුදු තීරයේ දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලී අතුරුදන් වී තිබේ.
මෙලෙස අතුරුදන් ව ඇත්තේ වයස අවුරුදු 21ක් වූ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අදාළ පුද්ගලයා මිතුරන් පිරිසක් සමඟ දිය නෑමට ගොස් සිටියදී මෙලෙස අනතුරට ලක් ව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පොලිසිය, නාවික හමුදාව හා ප්‍රදේශවාසීන් එක්ව ඔහු සොයා මෙහෙයුමක් දියත් කර තිබේ.
මාරවිල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.



















































