
තලමල්ගම, නාගොල්ලාගම ප්‍රදේශයේ නිවසක සිදු වූ ආරවුලක් අතරතුර පුද්ගලයෙකුට පහර දී ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නාගොල්ලාගම ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙකි.
ඝාතනය සම්බන්ධයෙන් තලමල්ගම පොලිස් ස්ථානය මගින් විමර්ශන ආරම්භ කර තිබූ අතර ඒ අනුව සිදුකළ මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් තලමල්ගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.



















































