
වාද්දූව, පොහද්දරමුල්ල වෙරළ පාර ආසන්නයේදී දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 61ක් වූ වාද්දූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අදාළ පුද්ගලයා දුම්රිය මාර්ගයේ පා ගමනින් පානදුර දෙසට ගමන් කරමින් සිටියදී දකුණු කළුතර සිට මරදාන දෙසට ධාවනය වූ දුම්රියක ගැටී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
වාද්දූව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.



















































