
වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට එරෙහිව පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් රාජ්‍ය සේවා වෘත්තීය සමිති නායකයෝ අද (11) මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
ඒ, දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම්වරයා මාධ්‍ය වෙත අදහස් දැක්වීමක් මත ඔහුගෙන් නිදහසට කරුණු විමසීම හරහා මානව හිමිකම් කඩ කර ඇතැයි චෝදනා කරමිනි.
මීට අමතරව, නිතර නිතර දුම්රිය ගමනාගමන කටයුතු ප්‍රමාද වීම, දුම්රිය අවලංගු වීම් සහ දුම්රියවල හටගන්නා කාර්මික දෝෂයන් සඳහා නිසි පියවර නොගැනීම හේතුවෙන් රාජ්‍ය සේවකයන්ගේ සහ දුම්රිය භාවිත කරන සාමාන්‍ය මහජනතාවගේ මානව හිමිකම් කඩ කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා කටයුතු කර ඇති බවටද වෘත්තීය සමිති නායකයෝ මෙම පැමිණිල්ල මඟින් පෙන්වා දී තිබේ.
එබැවින්, මෙම තත්ත්වයන් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඔවුන් මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇත.



















































