
ප්‍රකාශයක් ලබා දීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන් පිටත්ව ගොස් තිබේ.
හිටපු ජනාධිපතිවරයා මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා එම කොට්ඨාසය වෙත කැඳවා තිබුණි.
ඒ අනුව අද (11) උදෑසන ඒ මහතා මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණියේය.
එහිදී පැය කිහිපයක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ඒ මහතා මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් පිටත්ව ගොස් තිබේ.



















































