
ක්‍රීඩා බලධාරීන්ගේ නොසැලකිලිමත් බව සහ ඔවුන්ගේ නොහැකියාව නිසා මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තරගාවලි අහිමි වූ අවස්ථා බොහෝය.
එදා මෙන්ම අදත් ක්‍රීඩා බලධාරීන් කිසිඳු වෙනසකින් තොරව සිය නොහැකියාව ප්‍රදර්ශනය කරමින් එළඹෙන 19 වැනිදා ජපානයේදී ආරම්භ වන ආසියානු ක්‍රීඩා උලෙළ සඳහාත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුටම අවස්ථාව අහිමිකර තිබේ.
ජපානයේදී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උලෙළ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන මලල ක්‍රීඩා කණ්ඩායමට පිරිමි මීටර 100 සහය දිවීමේ කණ්ඩායමත් නම් කිරීමට පියවර ගැනුණි.
පසුගියදා පිරිමි මීටර 100 සහය දිවීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටවූ ක්‍රීඩකයින් සිව්දෙනා ආසියානු ක්‍රීඩා උලෙළ සඳහාත් සහභාගි වීමට නියමිතව සිටියත්, ඒ අතරින් එක් ක්‍රීඩකයෙක් ආබාධයකට ලක්වීමත් සමග ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායමට ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගිවීම අවිනිශ්චිත වී ඇත.
ඒ එම ඉසව්ව සඳහා අතිරේක ක්‍රීඩකයෙක් නම් කිරීමට මලල ක්‍රීඩා බලධාරීන් අපොහොසත් වීම හේතුවෙනි.
විමතියට කරුණ වන්නේ ආබාධයට ලක්වූ ක්‍රීඩකයා වෙනුවට, මීටර 110 කඩුලු පැනීමේ ඉසව්වට එක්වන ක්‍රීඩකයෙක් මීටර 100 සහය දිවීමේ ඉසව්වට සහභාගී කරවීමට මලල ක්‍රීඩා බලධාරීන් තීරණය කිරීමය.
මේ අතර ආසියානු ශ්‍රේණිගත කිරීම්වල 4වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා මීටර 100 මිශ්‍ර සහය දිවීමේ කණ්ඩායමටත් මෙවර ආසියානු ක්‍රීඩා උලෙලළ අහිමිවී ඇත.
ඒ එම කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලට ලියාපදිංචි කිරීමට මෙරට ක්‍රීඩා බලධාරීන් අපොහොසත්වීම හේතුවෙනි.



















































