header logo
Vallibel FD
වෙනත් පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති, ආරක්ෂක අමාත්‍යාංශයේ නිල සංචාරයක

Mobitel 1278

දිවයිනට පැමිණ සිටින ඉන්දියානු ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා අද (9) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්ෂක හමුදා මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශය වෙත නිල සංචාරයක නිරත විය.  

ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රය වෙත පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා විසින් මහත් හරසරින් පිළිගනු ලැබූ අතර, අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ඒ මහතා වෙත සම්ප්‍රදානුකූල ආචාර සම්මාන මුරයක් ද පිරිනමන ලදී.  

මෙහිදී අදහස් දැක්වූ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන සමීප සබඳතා සහ ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව පිළිබඳව අවධාරණය කළේය.

විශේෂයෙන්ම අභියෝගාත්මක සහ හදිසි අවස්ථාවලදී ඉන්දියාව ශ්‍රී ලංකාව වෙනුවෙන් දැක්වූ නොපසුබස්නා සහයෝගය හා උපකාර වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ කෘතඥතාව ද ඒ මහතා පළ කළේය.  

ලැබුණු සුහදශීලී පිළිගැනීම පිළිබඳව සිය සතුට පළ කළ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා, දෙරට අතර පවතින ඓතිහාසික හා නොබිඳුණු සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ඉදිරියටත් ආරක්ෂක සහ අනෙකුත් ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව පුළුල් කිරීමට කැපවන බව ප්‍රකාශ කළේය.  

මෙම නිල හමුව සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් මෙන්ම අතිරේක ලේකම් (සිවිල් ආරක්ෂක හා සංවර්ධන) ඉන්දිකා විජේගුණවර්ධන, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ඉන්දියානු නියෝජිත පිරිසේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වූහ.

තවත් ඡායාරූප
more-image-0
more-image-1
more-image-2
more-image-3
more-image-4
more-image-5
more-image-6
more-image-7
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මිත්‍යාව හඹා ගිය කාන්තාවකට දිවි අහිමි වූ ඛේදනිය පුවතක්... මියගිහින් සිටියදීත් දින 3ක් යාච්ඥා කරලා...

 ක්‍රිකට් තරු බිහිකළ කොළඹ මහානාමයට තමත් ක්‍රිකට් පිටියක් නෑ...

එල්නිනෝ තවත් දිස්ත්‍රික්කයකට රිද්දයි - වගාවන් නැත්තටම නැතිකරයි

මහ පාන්දර වේගය උදුරාගත් තරුණ ජීවිතය - වැදුන පාරට හොයා ගන්නත් නෑ...

 මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

 අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

Lassana Flora
Spotlight
නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ  | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්