header logo
Vallibel FD
උණුසුම් පුවත්
"ශ්‍රී ලංකාව තීරණ ගන්නේ ජාතික මෙන්ම කලාපීය අවශ්‍යතාද සැලකිල්ලට ගනිමින්" - ජනපති
"ශ්‍රී ලංකාව තීරණ ගන්නේ ජාතික මෙන්ම කලාපීය අවශ්‍යතාද සැලකිල්ලට ගනිමින්" - ජනපති
Mobitel 1278

ශ්‍රී ලංකාව තීන්දු තීරණ ගනු ලබන්නේ ජාතික අවශ්‍යතා මෙන්ම කලාපීය අවශ්‍යතාද සැලකිල්ලට ගනිමින් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මෙරට නිල සංචාරයක නිරත ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං මහතා අද (9) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී මේ බව පවසා ඇත.

ලංකාව ස්වෛරී රාජ්‍යයක් ලෙස ලෝකයේ විවිධ රටවල් සමග විවිධ ගිවිසුම්වලට එළඹෙන්නේ කලාපීය ආරක්ෂාව පිළිබඳ සැළකිලිමත් වෙමින් බවත්, ඉන්දියානු සාගර කලාපය සාමකාමීව පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ සහයෝගය ලබාදෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.

මෙහිදී ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාද, ඉන්දියානු සාගර කලාපය තුළ ගැටුම් ඇති නොවන පරිදි සාමකාමී කලාපයක් ලෙස පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාව දක්වන දායකත්වය විශේෂ ඇගයීමකට ලක්කර ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනය,

මෙරට නිල සංචාරයක නිරත ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා මෙරට සංචාරයකට එක්ව සිටින අතර ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයෙකු නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ ඇත්තේ වසර 38කට පසුව වීමද විශේෂත්වයකි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ආරක්ෂක, ආර්ථික, සාගර සහ කලාපීය හවුල්කාරිත්වය මෙන්ම දෙරට අතර පවතින ඓතිහාසික සබඳතා අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ සැලසෙන අයුරින් තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙහිදී ජනාධිතිවරයා සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

විශේෂයෙන්ම, විෂ මත්ද්‍රව්‍ය උවදුර මැඬලීම වෙනුවෙන් ශ්‍රී ලංකාව මේ වන විට ආරම්භ කර ඇති ජාතික වැඩසටහන පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළ අතර ඉන්දියානු සාගරය මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා කේන්ද්‍රස්ථානයක් වී ඇති බැවින්, විෂ මත්ද්‍රව්‍ය මැඬලීමේ කටයුතු සඳහා ඉන්දියාවේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පැවසීය. විශේෂයෙන්ම දැනට ඉන්දියාවේ සිරගතව සිටින ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙරටට ගෙන ඒම සඳහා ඉන්දියාවේ පූර්ණ සහාය ලැබෙනු ඇති බවටද ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය.

පසුගිය සමයේ ශ්‍රී ලංකාව දුෂ්කරතාවලට මුහුණදුන් සෑම අවස්ථාවකම ඉන්දියාව විසින් ලබා දෙන ලද සහායද ජනාධිපතිවරයා මෙහිදී විශේෂ ඇගයීමට ලක් කළේය.

ඉන්දියානු සාගර කලාපය සාමකාමීව පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බව  සඳහන් කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව තීන්දු තීරණ ගනු ලබන්නේ ජාතික අවශ්‍යතා මෙන්ම කලාපීය අවශ්‍යතාද සැලකිල්ලට ගනිමින් බවත්, ලංකාව ස්වෛරී රාජ්‍යයක් ලෙස ලෝකයේ විවිධ රටවල් සමග විවිධ ගිවිසුම්වලට එළඹෙන්නේ කලාපීය ආරක්ෂාව පිළිබඳ සැළකිලිමත් වෙමින් බවත් පැවසීය.

ඉන්දියානු සාගර කලාපය තුළ ගැටුම් ඇති නොවන පරිදි සාමකාමී කලාපයක් ලෙස පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාව දක්වන දායකත්වය මෙහිදී ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයාගේ විශේෂ ඇගයීමට ලක් විය.

එමෙන්ම, දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනයට ඉන්දීය හමුදාව ලබා දුන් දායකත්වය මෙහිදී විශේෂ ඇගයීමට ලක් කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්හි ධාරිතා සංවර්ධනය මෙන්ම දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව ඉහළ නංවා ගැනීමට අද හුවමාරු කර ගන්නා ලද නව ගිවිසුම් ඉවහල් වනු ඇති බවටද විශ්වාසය පළ කළේය.  

"අසල්වැසියා පළමුව" යන  විදේශ ප්‍රතිපත්තිය තුළ ශ්‍රී ලංකාව ඉන්දියාවට ඉතා සුවිශේෂී බව මෙහිදී සඳහන් කළ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් පසුගිය දෙවසර තුළ දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීමට ගනු ලබු පියවර ඇගයීමට ලක් කළේය.

ධීවර ගැටලුව පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර  ශ්‍රී ලංකා ධීවරයන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය ආරක්ෂා කර ගැනීම සඳහා ඉන්දියාවේ දායකත්වය ලබා ගැනීම පිළිබඳවත් මෙම ගැටලුව විසඳා ගැනීමට දෙරටම සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳවත් මෙහිදී  සාකච්ඡා  විය.

අනතුරුව දෙරට අතර සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමේ වැදගත් පියවරක් ලෙස අත්සන් තබන ලද නව ගිවිසුම් තුනක් හුවමාරු කර ගැනීමද ජනාධිපතිවරයා සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරියේ සිදු විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා L70 තුවක්කු පද්ධති නවීකරණය සහ වැඩිදියුණු කිරීම සඳහා වූ ගිවිසුම,  ඉන්දියාවේ ජාතික ආරක්ෂක විද්‍යාලය සහ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක විද්‍යාලය අතර අධ්‍යයන සහයෝගීතාව සඳහා වූ ගිවිසුම සහ ශ්‍රී ලංකා ශිෂ්‍යභට බලකාය සහ ඉන්දීය ශිෂ්‍යභට බලකාය අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව සම්බන්ධ ගිවිසුම යන ගිවිසුම් ත්‍රිත්වය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා යන මහත්වරුන් විසින් මෙහිදී හුවමාරු කර ගන්නා ලදී.

මේ අතර, ඉන්දියානු රජයේ ප්‍රදානයකට අනුව කුරුණෑගල සහ මඩකලපුව දිස්ත්‍රික්කයන්හි ස්ථාපනය කරන ලද බේලි පාලම් 03ක් විවෘත කිරීම සඳහාද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දියානු ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං මහතා මාර්ගගත තාක්ෂණය ඔස්සේ එක් වූහ.

දිට්වා සුළි කුණාටුවෙන් අනතුරුව අත්‍යවශ්‍ය මාර්ග සම්බන්ධතා ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා ඉන්දියාව විසින් පිරිනමන ලද පුනරුත්ථාපන ආධාර වැඩසටහනේ කොටසක් ලෙස පන්සීයගම - කුරුණෑගල, කැබැල්ලෑව - කුරුණෑගල සහ පලුගමම් - මඩකලපුව යන මාර්ගවල ඉදිකෙරුණු බේලි පාලම් මෙලෙස ජනතා අයිතියට පැවරිණි.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම් ඉන්දිකා විජේගුණවර්ධන යන මහත්ම මහත්මීන්ද, ඉන්දියානු ගුවන් හමුදා උප මාණ්ඩලික ප්‍රධානී එයාර් මාර්ෂල් Ashutosha Dixit, නාවික හමුදා උප මාණ්ඩලික ප්‍රධානී වයිස් අද්මිරාල් Ajay Kochhar, යුද හමුදා උප මාණ්ඩලික ප්‍රධානී ලෙෆ්ටිනන් ජෙනරාල් Sandeep Jain, ආරක්ෂක අමාත්‍යාංශයේ සම ලේකම් Prasanna Shrivastava යන මහත්වරු සහ ඉන්දියානු ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත ඉහළ පෙළේ දූත පිරිසද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ක්‍රිකට් තරු බිහිකළ කොළඹ මහානාමයට තමත් ක්‍රිකට් පිටියක් නෑ...

ක්‍රිකට් තරු බිහිකළ කොළඹ මහානාමයට තමත් ක්‍රිකට් පිටියක් නෑ...

එල්නිනෝ තවත් දිස්ත්‍රික්කයකට රිද්දයි - වගාවන් නැත්තටම නැතිකරයි

එල්නිනෝ තවත් දිස්ත්‍රික්කයකට රිද්දයි - වගාවන් නැත්තටම නැතිකරයි

මහ පාන්දර වේගය උදුරාගත් තරුණ ජීවිතය - වැදුන පාරට හොයා ගන්නත් නෑ...

මහ පාන්දර වේගය උදුරාගත් තරුණ ජීවිතය - වැදුන පාරට හොයා ගන්නත් නෑ...

 මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

 අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

Lassana Flora
Spotlight
නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ  | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana