
රුපියල් පන්කෝටි තිස්හත් ලක්ෂ විසිදහසක් පමණ වටිනා 'කුෂ්' මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත්, කටුනායක ගුවන්තොටුපොළෙන් පිටකර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ව්‍යාපාරික කාන්තාවන් දෙදෙනෙකු ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (09) උදෑසන මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ, දෙමටගොඩ සහ තොටළඟ යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 33 සහ 35 පසුවන කාන්තාවන් දෙදෙනෙකි.
ඔවුන් අද උදෑසන 10.55ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ UL-403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
සැකකාරියන් විසින් රැගෙන ආ ගමන් මලු දෙකක් තුළ වායු කාන්දු නොවන ලෙස සකස් කළ පාර්සල් 5 ක අසුරා තිබූ 'කුෂ්' මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 372ක ප්‍රමාණයක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා අද මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

















































