
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව 50 වන ජාතික ක්‍රීඩා උළෙලට සමගාමීව සංවිධානය කරන කොළඹ මැරතන් (Colombo Marathon 2026) ජාත්‍යන්තර මැරතන් තරගාවලිය එළඹෙන 13 වැනිදා කොළඹ ගාලු මුවදොර පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
මේ වන විටත් ප්‍රධාන තරග ඉසව් සඳහා 1,200කට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ලියාපදිංචි වී සිටින අතර ඒ අතරට පූර්ණ මැරතන් (Full Marathon - 42KM) ඉසව්වට 405ක්, අර්ධ මැරතන් (Half Marathon - 21KM) ඉසව්වට 398ක් සහ කිලෝමීටර් 10 (10KM) ඉසව්වට 389ක් ඇතුළත් වේ.
ශ්‍රී ලාංකේය ක්‍රීඩකයන්ට අමතරව කෙන්යාව, ඉතියෝපියාව ඇතුළු විදේශ රටවල් 25ක් නියෝජනය කරමින් විදේශීය ධාවකයන් 130කට වැඩි පිරිසක් මෙවර තරගාවලියට එක්ව සිටිති. මීට අමතරව, කිලෝමීටර් 5 විනෝදාත්මක තරගය (5KM Fun Run) සඳහා තරගකරුවන් 4,000කට වැඩි පිරිසක් සහභාගී වීමට නියමිත අතර, ඒ අනුව මුළු තරගකරුවන් සංඛ්‍යාව 5,000 ඉක්මවයි.
ධාවන මාර්ග සැලසුම (Route Plan)
පූර්ණ මාරතන් (42KM): ගාලු මුවදොරින් ආරම්භ වී කොල්ලුපිටිය හන්දිය, මැරීන් ඩ්‍රයිව් (Marine Drive) ඔස්සේ දෙහිවල හන්දිය දක්වා ගොස් නැවත හැරී කොල්ලුපිටිය හන්දිය, පිත්තල හන්දිය, පේරහැර මාවත, ගුවන් පාලම මතින් බාලදක්ෂ මාවත ඔස්සේ ගාලු මුවදොර වෙත පැමිණෙන වට 2කින් සමන්විත වේ.
අර්ධ මැරතන් (21KM): 42KM ධාවන මාර්ගයම අනුගමනය කරමින් 1 වටයකින් තරගය නිමවේ.
කිලෝමීටර් 10 (10KM) ගාලු මුවදොරින් ආරම්භ වී කොල්ලුපිටිය හන්දිය, මැරීන් ඩ්‍රයිව් ඔස්සේ බම්බලපිටිය දක්වා ගොස් නැවත කොල්ලුපිටිය හන්දිය, පිත්තල හන්දිය, පේරහැර මාවත, ගුවන් පාලම මතින් බාලදක්ෂ මාවත ඔස්සේ ගාලු මුවදොරට පැමිණේ.
කිලෝමීටර් 5 විනෝදාත්මක තරගය (5KM Fun Run)
ගාලු මුවදොරින් ආරම්භ වී කොල්ලුපිටිය හන්දිය ලිබර්ටි සිනමා හල අසලින් හැරී අරලියගහ මන්දිරය මැද පාර, පේරහැර මාවත, ගුවන් පාලම මතින් බාලදක්ෂ මාවත ඔස්සේ ගාලු මුවදොරින් නිමාවේ.

















































