
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS UDAYGIRI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද (08) දිවයිනට පැමිණ තිබේ.
කොළඹ වරායට පැමිණි එම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබීය.
මීටර් 149.02ක දිගින් යුත් Frigate වර්ගයේ මෙම යුද නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් Vikas Sood මහතා සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් හර්ෂ ද සිල්වා මහතා අතර නිල හමුවක් විධාන මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
කපිතාන් Vikas Sood මහතා 2020 වසරේ ජූලි මාසයේ සිට 2023 වසරේ ඔක්තෝබර් මාසය දක්වා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා ලෙස කටයුතු කර තිබේ.
එමෙන්ම, ‘INS UDAYGIRI’ යුද නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව් මුළුව, දෙරටේ නාවික හමුදා අතර සුහදත්වය වැඩිදියුණු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කර ඇති වැඩසටහන් සඳහා සහභාගී වීමට නියමිතය.
එම නැව් කාර්යමණ්ඩලය දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට ද නියමිතව ඇත.

















































