
සමාජ විරෝධී ලිංගික ක්‍රියාකාරම් ප්‍රවර්ධනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ වට්ස්ඇප් සහ ෆේස්බුක් සමූහයන් පවත්වාගෙන ගිය 18 හැවිරිදි තරුණයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, අන්තර්ජාල ආවේක්ෂණ හා විමර්ශන ඒකකයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
සමාජ විරෝධී ලිංගික ක්‍රියාකාරම් ප්‍රවර්ධනය කරන සමාජ මාධ්‍ය ජාල සමූහ රැසක් ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, අන්තර්ජාල ආවේක්ෂණ හා විමර්ශන ඒකකයට තොරතුරු ලැබී තිබුණි.
ඒ අනුව සිදුකළ සොයාබැලීමේදී අනාවරණ වී තිබුණේ එම සමූහයන්වලට සම්බන්ධ වී ඇති පිරිස් තම පවුල්වල සාමාජිකයන් ගැන පවා විකෘති අදහස් පලකර තිබූ බවයි.
අනතුරුව, එවැනි සමාජ මාධ්‍ය සමූහයක් පවත්වාගෙන ගෙන ගිය සමාජ මාධ්‍ය ඇඩිමින්වරයෙකු වේයන්ගොඩ ප්‍රදේශයේදී විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
18 හැවිරිදි සැකකරු වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
එමෙන්ම තවත් එවැනිම සමාජ විරෝධී ලිංගික ක්‍රියාකාරකම් ඇතුළත් සමූහ පිළිබඳ තොරතුරු ලැබී ඇති බව විමර්ශන නිලධාරීන් සඳහන් කළේය.
ඒ අනුව ඒවාට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ද විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් පැවසුවේය.

















































