
හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං හා රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60ක් දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.
එබැවින් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතු වල යෙදන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන මෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලාප සිටිනු ලබයි.
අද (08) පෙරවරු 11ට නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට දිනය දක්වා වලංගු වෙයි.

















































