
කොළඹ ප්‍රදේශයේ සිට හැටන් දක්වා අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ සැකකරුවෙකු මත්ද්‍රව්‍ය තොගයක් ද සමඟ අත්අඩංගුවට ගැනීමට පොල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් සමත්ව තිබේ.
ඊයේ (06) පස්වරුවේ කළුගල පොලිස් මාර්ග බාධකයේදී සිදුකළ හදිසි පරීක්ෂාවකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
කුලී පදනම මත ලබාගත් ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි මෙම සැකකරු පරීක්ෂාවට ලක්කිරීමේදී, ඔහු ළඟ තිබූ අත්බෑගයේ සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 3.5ක ප්‍රමාණයක් පොලිස් බාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ හැටන්, දික්ඔය වනරාජා වත්තේ පදිංචි 30 හැවිරිදි වියේ පසුවන අයෙකි.
මොහු කොළඹින් මත්ද්‍රව්‍ය මිලදීගෙන වතුකරයට ප්‍රවාහනය කර එහි වෙසෙන තරුණයන් වෙත අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටින බවට මූලික පොලිස් විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත.
සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, පොල්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සාගර මාවලවිලගේ මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

















































