
දිවයිනේ දුම්රිය ස්ථාන 100ක පහසුකම් වැඩි දියුණු කර, නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ, හිඟුරක්ගොඩ දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.
ඒ Clean Sri Lanka ජාතික වැඩසටහනේ මූලිකත්වයෙන් රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්වයෙනි.
මෙම ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ නියෝජිත සහභාගිත්වයෙන් ආරම්භ කෙරිණි.
නැගෙනහිර දුම්රිය මාර්ගයේ, ගල්ඔය සහ පොලොන්නරුව දුම්රිය ස්ථානයන් අතර ස්ථානගත ව පවතින හිඟුරක්ගොඩ දුම්රිය ස්ථානය අවම පහසුකම් සහිතව පවත්වාගෙන යන වසර 45කින් පමණ සංවර්ධනයට ලක් නොවූ දුම්රිය ස්ථානයකි.
මගී ජනතාව පමණක් නොව, විවිධ කෘෂි නිෂ්පාදනයන්, වැඩි වශයෙන් ප්‍රවාහනයට යොදා ගැනෙන මෙම දුම්රියපොළ රු.මිලියන 40ක වියදමින් නවීකරණයට ලක් කෙරෙන බවද සඳහන්.

















































