
මුහුදු මාර්ගය ඔස්සේ ඉන්දියාවට යාමට උත්සහ කළ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 13දෙනෙකු නැවත මෙරටට හරවා එවීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ පිරිස මුහුදු මාර්ගය ඔස්සේ ඉන්දියාවට යාමට උත්සාහ දරා ඇති අතර එහිදී ඉන්දීය රේගු නිලධාරීන් විසින් ඔවුන් නැවත මෙරටට හරවා එවා ඇති බව වාර්තා වේ.
ඒ අනුව අදාළ සැකකරුවන් ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (06) සිය භාරයට ගෙන වැඩිදුර විමර්ශන සඳහා කන්කසන්තුරේ පොලීසිය වෙත භාර දී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කරුන්කොඩිත්තිව්, මාම්පිටිය, මැදවච්චිය, හල්දුම්මුල්ල, වැල්ලවාය, මොනරාගල, මාවඩිච්චේනෙයි, බලංගොඩ, ත්‍රිකුණාමලය, බදුල්ල සහ පොතුවිල් යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.
කන්කසන්තුරේ පොලීසිය මගින් සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන අතර, ඔවුන් අද (07) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

















































