
කිළිනොච්චිය, කණ්ඩාවලෙයි මුරුගානන්දා විද්‍යාලය ඉදිරිපස පැවති වෙළඳසැළක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබේ.
පොලීසිය පැවසුවේ අදාළ වෙළඳසැළ ඊයේ(06) දිනයේ මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇති බවය.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, විදුලි කාන්දුවක් ගින්නට හේතුවි ඇති බව පොලිසිය සැක පළ කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

















































