
පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදුකළ සැකකරුවන් පස්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (06) දින සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
හිඟුරක්ගොඩ පොලිස් වසමේ තල්පොත ප්‍රදේශයේදී හිඟුරක්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබේ.
එහිදී පුරාවස්තු කැණීමේ අරමුණින් කැණීම් සිදුකළ මෙම සැකකරුන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අවුරුදු 19,26,45,47 සහ 49 වයස්වල පසුවන පොළොන්නරුව හා පුලස්තිගම ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන හිඟුරක්ගොඩ පොලිසිය විසින් සිදුකරති.

















































