
රුසියානු - යුක්‍රේන යුද ගැටුම් නැවතීමේ අරමුණෙන්, අමෙරිකානු විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බෑණා වන ජැරඩ් කෂ්නර් දෙරට අතර සාකච්ඡාවලට මැදිහත් වී තිබේ.
ඒ අනුව ඊයේ (05) රුසියාවේ මොස්කව් නුවරට පැමිණි අමෙරිකානු නියෝජිත දෙපළ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ දීර්ඝ සාකච්ඡාවක නිරත විය.
එම සාකච්ඡාවලින් අනතුරුව ඔවුන් යුක්‍රේනය සමග සාකච්ඡා සඳහා කියෙව් අගනුවර බලා පිටත්වයාමට නියමිතය.
අමෙරිකානු නියෝජිතයින් රුසියාවේ සහ යුක්‍රේනයේ සංචාරයකට එක්වන්නේ දෙපිරිසම අඛණ්ඩව මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ලකරගනිමින් සිටින පසුබිමකය.
කෙසේවෙතත්, මෙම සංචාරය අතරතුර දෙපාර්ශ්වයම ප්‍රහාර එල්ලකිරීමෙන් වැළකීසිටීමට එකඟ වී ඇත.

















































