
හපුතලේ - බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ, මුස්ලිම් පාසල ආසන්නයේදී සිදුවූ රිය අනතුරකින් තිදෙනෙකු තුවාල ලබා දියතලාව රෝහලට ඇතුළත් කර තිබේ.
ඊයේ (05) රාත්‍රියේ හපුතලේ සිට කාහගල වතුයාය දෙසට ධාවනය වූ වෑන් රථයක් සහ බණ්ඩාරවෙල සිට හපුතලේ දෙසට පැමිණි ලොරි රථයක් එකිනෙක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව හපුතලේ පොලීසිය පවසයි.
වෑන් රථයේ රියදුරු මත්පැන් පානය කර රථය පදවා ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අනතුරින් 27 හැවිරිදි රියදුරු සහ අවුරුදු 46 හා 54 යන වයස්වල පසුවන පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා දියතලාව රෝහලේ ප්‍රතිකාර ලබයි.
සිද්ධිය සම්බන්ධයෙන් හපුතලේ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

















































