
කොස්ගොඩ ප්‍රදේශයේ දී අද (06) අලුයම වෙඩි තැබීමක් සිදුව තිබේ.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්ගොඩ තාරක නැමැත්තාගේ ඥාතියෙකු ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදු කිරීමට උත්සාහ කර ඇති බව වාර්තා වේ.
මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් භාවිතයෙන් දෙවරක්ම වෙඩි තැබීමට උත්සාහ කර ඇති නමුත්, අවස්ථාවන් දෙකේදීම ගිනි අවිය ක්‍රියාත්මක වී නොමැති බව ද සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

















































