
යාපනය, පලාලි, අන්තෝනිපුරම් ප්‍රදේශයේ ළිඳක තිබී පතොරම් තොගයක් සොයාගෙන තිබේ.
පැරණි ළිඳක් පවිත්‍ර කිරීමට යාමේ දී මෙම පතොරම් තොගය සොයාගෙන ඇති අතර එහි තිබී විවිධ වර්ගයේ පතොරම් 2,200ක් පමණ සොයා ගත් බව පොලීසිය පැවසීය.
පොලිසිය සැක පළ කරන්නේ යුද සමයේ කිසියම් කණ්ඩායමක් විසින් නැවත ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් අදාළ පතොරම් තොගය ළිඳට දමා යන්නට ඇති බවය.
මෙම පතොරම් තොගය යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් පලාලි පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

















































