
එංගලන්ත තරග සංචාරයට එක්වන ශ්‍රී ලංකා එක්දින සහ 20-20 කණ්ඩායම අද (05) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.
ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද පැවැති සර්ව ආගමික වතාවත්වලින් අනතුරුවය.
ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත තරග සචාරයේදී එක්දින තරග 3කට සහ 20-20 තරග 3කට සහභාගිවිමට නියමිතව තිබේ.
ආබාධ තත්ත්වය සුව නොවීම හේතුවෙන් කුසල් මෙන්ඩිස් සහ බිනුර ප්‍රනාන්දු 20-20 තරගාවලියට සහභාගි නොවන අතර ඒ වෙනුවට 20-20 සංචිතයට කැඳවා ඇත්තේ පවන් රත්නායක සහ ඩිල්ෂාන් මදුසංඛයි.
20-20 තරගාවලියට කුසල් මෙන්ඩිස් සහභාගි නොවීම හේතුවෙන් 20-20 තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ චරිත් අසලංකයි.

















































