header logo
Vallibel FD
උණුසුම් පුවත්
පහළ මල්වතුඔය ව්‍යාපෘතිය 2029-2030 වනවිට ජනතා අයිතියට
පහළ මල්වතුඔය ව්‍යාපෘතිය  2029-2030 වනවිට ජනතා අයිතියට
Mobitel 1278

වාරි පද්ධතිය සංවර්ධනය කිරීම මගින් ග්‍රාමීය ජනතාවට ශක්තිමත් ආර්ථික තත්ත්වයක් ගොඩනගා දිය හැකි අතරම, ඔවුන් ජාතික ආර්ථිකයට සෘජුව දායක කර ගත හැකි බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ රජරට මහා වාරි පද්ධතියට එකතු වීමට නියමිත තවත් සුවිශේෂී ජලාශ ව්‍යාපෘතියක් වන පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ එහි ඉදිරි කටයුතුවලට බාධා වී ඇති ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා අදාළ සියලු පාර්ශ්වවල සහභාගිත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමිනි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා එම ව්‍යාපෘති පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකටද එක් වූ අතර එහිදී ඉදිරිපත් කෙරුණු ගැටලු පිළිබඳ වැඩිදුර සාකච්ඡා කිරීමත්, එම ගැටලු මගහරවා ගැනීම වෙනුවෙන් සාධනීය විසඳුම් රැසකට එළඹීමත් මෙහිදී සිදු විය.

මීට වසර 10කට පෙර ආරම්භ කර ප්‍රතිපාදන නොමැතිකම හේතුවෙන් අතරමග නැවතුණු පහළ මල්වතු ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම වෙනුවෙන් 2026 වර්ෂය සඳහා රුපියල් මිලියන 5000ක අයවැය ප්‍රතිපාදන වෙන් කෙරිණි.

මල්වතුඔය පහළ නිම්නයේ ග්‍රාමීය සංවර්ධනය සහ කෘෂිකාර්මික නිෂ්පාදනය කෙරෙහි බලපාන ප්‍රධාන සාධකයක් වන ජල හිඟය මග හැරවීම සහ තන්තිරිමලේ ප්‍රදේශයේ නව සංවර්ධන ප්‍රදේශයක් බිහි කිරීම, මන්නාරම දිස්ත්‍රික්කයේ යෝධ වැව සහ අකිතමුරුප්පු වැව යටතේ අක්කර 40,000ක් වූ කුඹුරු ඉඩම් යල, මහ කන්නයේ අස්වද්දා වගා තීව්‍රතාව ඉහළ නැංවීම, පානීය ජල සම්පාදනය, ජලවිදුලි උත්පාදනය සහ ප්‍රදේශයේ ගංවතුර පාලනය, සංචාරක කලාපයක් විවෘත කිරීම, ධීවර කර්මාන්තය ප්‍රවර්ධනය සහ වනඅලි ගැටලු කළමනාකරණය ආදිය මෙම ව්‍යාපෘතිය මගින් සිදු කිරීමට අපේක්ෂිතය.

පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය 2029 - 2030 වසර වන විට සම්පූර්ණයෙන්ම අවසන් කර ජනතා අයිතියට පත් කිරීම රජයේ අරමුණ වන අතර එය ඉදිවීමෙන් පසු උතුරු මැද පළාතේ  විශාලතම ජලාශය බවට පත් වේ.

ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඉඩම් අත්පත් කර ගැනීමේ සහ නැවත පදිංචි කිරීමේ කටයුතු පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර, අවතැන් වන ජනතාවට පැවතියාට වඩා හොද ජීවන තත්ත්වයක් ලබා දිය හැකි පරිදි අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කරමින් නැවත පදිංචි කිරීමේ කටයුතු සිදු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

ඒ අනුව, එම ජනතාව වෙනුවෙන් නවීන කෘෂිකාර්මික ව්‍යාපෘති හඳුන්වා දීම, පෞද්ගලික අංශයේ සුපිරි වෙළඳසැල් ජාල සහ අපනයන සමාගම් සමග ඇති කර ගන්නා මිලදී ගැනීමේ ගිවිසුම් වලින් ඔවුන්ගේ නිෂ්පාදන සඳහා ස්ථාවර වෙළෙඳපොළක් සකස් කර දීම ඇතුළු සැලසුම් පිළිබඳ මෙහිදී සාකච්ඡා විය.

වනජීවී දෙපාර්තමේන්තුව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා යුද හමුදාව ඒකාබද්ධව අලි වැටක් ඉදිකිරීම සහ නඩත්තු කිරීම මෙන්ම සාර්ථක දිගුකාලීන ජීව විද්‍යාත්මක විසඳුමක් ලෙස තල් වැට වැනි ස්වභාවික වැටවල් ස්ථාපනය කිරීමට අදාළව ඓතිහාසික තන්තිරිමලය රාජමහා විහාරාධිපති, උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය තන්තිරිමලේ චන්දරතන නාහිමිපාණන් වහන්සේ සිදුකළ යෝජනාව පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් විය.  

පසුගිය ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් නතර කර තිබූ, "කුඩා විලච්චිය වැව ව්‍යාපෘතිය" නැවත ආරම්භ කිරීම ඇතුළු සුළු සහ මධ්‍ය පරිමාණ වැව් ප්‍රතිසංස්කරණය පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය රජරට ජනතාවගේ විශාල බලාපොරොත්තුවක් බව මෙහිදී පෙන්වා දුන් තන්තිරිමලය රාජමහා විහාරාධිපති, පූජ්‍ය තන්තිරිමලේ චන්දරතන නාහිමිපාණන් වහන්සේ සඳහන් කළේ ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය සිදු කරන කැපවීම අගය කරන බවයි. ව්‍යාපෘතිය පිළිබඳ විශ්වාසයක් තබාගත හැකි අන්දමින් අද දින තීන්දු තීරණ රැසකට එළැඹීම පිළිබඳවද උන්වහන්සේ මෙහිදි සතුටු පළ කළහ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
විලංගු වැටුණු නාමල් බන්ධනාගාරයට..රු.මි.100ක් නාමල්ට දුන් බවට නිමල්ගෙන් දිවුරුම් ප්‍රකාශයක්

විලංගු වැටුණු නාමල් බන්ධනාගාරයට..රු.මි.100ක් නාමල්ට දුන් බවට නිමල්ගෙන් දිවුරුම් ප්‍රකාශයක්

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

 පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

 අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

 ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්