
චීන ජාත්‍යන්තර ප්‍රවෘත්ති සන්නිවේදන මධ්‍යස්ථානය (China International Press Communication Center) 2026 වැඩසටහන චීනයේ බීජිං නුවරදී ඊයේ (4) ආරම්භ විය.
මෙවර වැඩසටහන සඳහා ලොව පුරා රටවල් 90කට අධික සංඛ්‍යාවකින් ජනමාධ්‍යවේදීන් 100කට ආසන්න සංඛ්‍යාවක් එක්ව සිටිති.
ඒ අතරින් ආසියා ශාන්තිකර කලාපය නියෝජනය කරමින් ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, නේපාලය, මාලදිවයින, පිලිපීනය, සිංගප්පූරුව, කාම්බෝජය, ලාඕසය, මියන්මාරය සහ ඉරානය ඇතුළු රටවලින් ජනමාධ්‍යවේදීන් 20කට ආසන්න සහභාගි වී ඇත.
මාස 3කට ආසන්න කාලයක් පුරා පැවැත්වෙන මෙම වැඩසටහන අතරතුරදී විදේශීය ජනමාධ්‍යවේදීන්ට චීනයේ විවිධ පළාත්වල සංචාරය කිරීමට අවස්ථාව හිමි වේ.
එහිදී වැඩමුළු, විශේෂ සාකච්ඡා, සම්මුඛ සාකච්ඡා සහ චීන සංස්කෘතික වැඩසටහන් ඇතුළු විවිධ ක්‍රියාකාරකම් රැසකට එක්වීමට ඔවුන්ට මගපෑදේ.
දකුණු ගෝලීය රටවල මාධ්‍ය ආයතන අතර ප්‍රායෝගික සහයෝගිතාව ගොඩනැගීමට වේදිකාවක් සැපයීම සහ විදේශීය ජනමාධ්‍යවේදීන්ට චීනය පිළිබඳ පුළුල් හා ගැඹුරු අවබෝධයක් ලබාදීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණක් වී ඇත.
2014 වසරේ සිට ක්‍රියාත්මක මෙම වැඩසටහන සඳහා මේ වන විට ලොව පුරා රටවල් 140කට වැඩි සංඛ්‍යාවකින් මාධ්‍යවේදීන් 1,000කට ආසන්න පිරිසක් සහභාගී වී තිබේ.




















































