
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ප්‍රභාත් මධුසංඛ හෙවත් මිදිගම චූටි නැමැත්තාට අයත් නිවසක පරිහරණය අත්හිටුවීමට නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබේ.
වැලිගම, පාතේගම පිහිටි නිවසක් මෙලෙස පරිහරණය අත්හිටුවා ඇත.
පොලීසිය පැවසුවේ අදාළ නිවස රුපියල් ලක්ෂ 150ක වටිනාකමකින් යුත් බවත් ඒ අනුව අදාළ නිවස සහ සහ ඉඩම පරිහරණය අදාළ කොට්ඨාසය විසින් අත්හිටුවීමට පියවර ගත් බවය.

















































