
ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේ දී සිදුකිරීමට නියමිත එංගලන්ත තරග සංචාරයේ විස්සයි20 තරගාවලියෙන් ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් සහ බිනුර ප්‍රනාන්දු ඉවත්කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් අද (4) සඳහන් කළේ, නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය අතරතුර සිදුවූ ආබාධවලින් ඔවුන් දෙදෙනා තවමත් සුවවෙමින් සිටීම හේතුවෙන් මෙම තීරණය ගත් බවය.
එම තරගාවලියේ දී කුසල් දකුණු කකුලේ ආබාධයකටද, බිනුර ප්‍රනාන්දු කොන්දේ ආබාධයකටද ලක්විය.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් කුසල් මෙන්ඩිස් වෙනුවට පවන් රත්නායකද, බිනුර ප්‍රනාන්දු වෙනුවට ඩිල්ෂාන් මධුශංකද එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයට නම්කර ඇත.
එමෙන්ම කුසල් මෙන්ඩිස්ගේ වෙනුවට ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායම මෙහෙයවීම වගකීම චරිත් අසලංකට පවරා තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරගාවලිය ආරම්භ කරමින් පළමුව තරග 3කින් යුත් විස්සයි20 තරගාවලිය පැවැත්වෙන අතර, එහි පළමු තරගය එළැඹෙන 15වැනිදා සවුත්හැම්ටන්හිදි පැවැත්වීමට නියමිතය.

















































