
මහනුවර, මයිලපිටිය ප්‍රදේශයේ පිහිටා ඇති ළමා නිවාසයක නේවාසිකව සිටින 16 හැවිරිදි පිරිමි ළමයෙකුට වධහිංසා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි පාලිකාව සහ ඇයගේ සැමියා තලාතුඔය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් විසින් එම පිරිමි දරුවාගේ රහස් පෙදෙසට මිරිස් කුඩු දමා හිංසා කර ඇති බව පොලිසිය සඳහන් කළේය.
වින්දිත බාල වයස්කාර පිරිමි දරුවා මාරස්සන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්ය.
සැකකරුවන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් තලාතුඔය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

















































