
කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) තරග ඉතිහාසයේ වේගවත්ම ශතකය රැස්කළ පිතිකරුවාගේ වාර්තාව තමත් සතුකර ගැනීමට දසුන් ශානක සමත් විය.
තරගාවලියේ 25වැනි තරගය ලෙසින් මෙරට වේලාවෙන් අද (4) අලුයම අවසන් වූ ශා. ලුසියා කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී ඔහු මෙම වාර්තාගත ඉනිම ක්‍රීඩා කළේය.
මෙහිදී අනුකම්පා විරහිත ඉනිමක් දියත් කළ දසුන්, පන්දු 43කට පමණක් මුහුණදෙමින් නොදැවී ලකුණු 121ක් රැස්කිරීමට සමත්වූ අතර, එම ඉනිම පුරා හයේ පහර 12ක් හා හතරේ පහර 8ක් ඇතුළත් විය.
ඔහු ශතක සීමාව පන්දු 39කින් සම්පූර්ණ කළේය.
ඒ අනුව මෙම තරග ඉතිහාසයේ වේගවත්ම ශතකයේ වාර්තාවට (පන්දු 40) සමව හිමිකම් කී අන්ඩ්‍රේ රසල්, ටිම් සයිෆර්ට් සහ ෂිම්රොන් හෙට්මියර්ගේ වාර්තාව බිඳවැටුණි.
දසුන් ශානකගේ වාර්තාගත ශතකයත්, ජෙරමියා ලුයිස්ගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් මෙම තරගයෙනන් ලකුණු 137ක විශිෂ්ට ජයක් ලැබීමට ශා. කිට්ස් ඇන්ඩ් නෙවිස් පේට්‍රියස් සමත් විය.
පළමුව පන්දුවට පහරදුන් ශා. කිට්ස් ඇන්ඩ් නෙවිස් පේට්‍රියස් පන්දුවාර 20 තුළදී ලකුණු 235/4ක් රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස ශා. ලුසියා කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 13.5කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 98ක් පමණි.

















































