
ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ලද විශේෂ තොරතුරක් මත ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ ඒකාබද්ධව තොඩුවාව ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී, රුපියල් මිලියන 12කට අධික වටිනාකමකින් යුත් නීතිවිරෝධී බීඩි කොළ කිලෝ ග්‍රෑම් 2,076කට අධික තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.
අද (02) උදෑසන මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.
වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරනු ලබන දැඩි මෙහෙයුම් හේතුවෙන් රට තුළට රැගෙන ඒමට නොහැකිව, ජාවාරම්කරුවන් විසින් කුඩා මඩුවැල්ල වෙරළ තීරයේ අතහැර දමා ගොස් තිබියදී මෙම බීඩි කොළ තොගය සොයාගෙන ඇත.
මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් බීඩි කොළ තොගයේ දළ වටිනාකම රුපියල් මිලියන 12 ඉක්මවන අතර, ඉදිරි විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා එම තොගය තොඩුවාව පොලිසිය වෙත භාර දී තිබේ.

















































