
"ඇට්ලස් ඒන්ජල්-II 2026" ඒකාබද්ධ අභ්‍යාසයට සමගාමීව, අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකායේ (U.S. Montana National Guard) විශේෂ නියෝජිත පිරිසක් ආරක්ෂක අමාත්‍යාංශය වෙත පැමිණ තිබේ.
බ්‍රිගේඩියර් ජෙනරාල් ට්‍රේස් තෝමස් සහ බ්‍රිගේඩියර් ජෙනරාල් රෙනියා ඩෝර්වෝල් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම නියෝජිත පිරිස සමඟ ශ්‍රී ලංකාවේ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.
මෙම නිල හමුවේ දී, එම නියෝජිත පිරිස සිවිල් ආරක්ෂක සහ සංවර්ධන අතිරේක ලේකම් මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වන ඉන්දිකා විජේගුණවර්ධන මහත්මිය හමුවී සාකච්ඡාවක් පවත්වා තිබේ.

















































