
සිරිපුර පල්ලේගම ප්‍රදේශයේදී විදුලිසැර වැදීම හේතුවෙන් දරුවෙකු මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ වනඅලින්ගෙන් ආරක්ෂාවීම සඳහා ඉඩම වටා කම්බි වැටක් සකස් කර එයට විදුලිය සම්බන්ධ කර තිබූ අවස්ථාවේදී අසල නිවසක දරුවෙකු මෙලෙස එම ඉඩම අසලින් ගමන්කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.
මියගොස් ඇත්තේ 14 හැවිරිදි පල්ලේගම සිරිපුර ප්‍රදේශයේ දරුවෙකි.
අදාළ විදුලි වැට සකස් කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර සිරිපුර පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

















































