
මව්බිමේ ආරක්ෂාව වෙනුවෙන් දිවිහිමියෙන් කැපවී ආබාධිත තත්ත්වයට පත් වූ රණවිරුවන්ගේ සුවදුක් විමසීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා අනුරාධපුර අභිමන්සල - 1 රණවිරු සුවතා නිකේතනයේ සංචාරයක නිරතව තිබේ.
සංචාරය අතරතුර නේවාසික රණවිරුවන් සමඟ සුහද පිළිසඳරක නිරත වූ හමුදාධිපතිවරයා, ආබාධිත රණවිරුවන් දෙදෙනෙකුට රෝද පුටු ප්‍රදානය කළ අතර, නේවාසික සෑම රණවිරුවෙකුටම අත්‍යවශ්‍ය ද්‍රව්‍යවලින් සමන්විත ත්‍යාග පාර්සල් පිරිනැමීම එහිදි සිදුකර ඇත.
රණවිරුවන්ගේ රැකවරණය සහ සුබසාධනය වෙනුවෙන් කැපවී ක්‍රියා කරන අභිමන්සල කාර්ය මණ්ඩලයේ සේවය ද හමුදාපතිවරයා මෙහිදී විශේෂයෙන් ඇගයීමට ලක් කළේය.
මෙම අවස්ථාව සඳහා යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි වින්ද්‍යා ප්‍රේමරත්න, ආරක්ෂක සේනා ආඥාපති (වන්නි) මේජර් ජෙනරාල් G A T ගොඩේවත්ත ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
සංචාරය සනිටුහන් කරමින් අභිමන්සල - 1 හි නේවාසික රණවිරුවෙකු විසින් තමන් විසින්ම නිර්මාණය කරන ලද සිහිවටන තිළිණයක් යුද්ධ හමුදාධිපතිවරයා වෙත මෙහිදී පිළිගන්වන ලදී.

















































