header logo
SLIC
උණුසුම් පුවත්
පිල්ලෙයාන් යළි රිමාන්ඩ්
5h ago
පිල්ලෙයාන් යළි රිමාන්ඩ්
Mobitel 1278

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් 'පිල්ලෙයාන්' සහ හමුදා බුද්ධි අංශ තොරතුරුකරුවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනා ලබන සෙප්තැම්බර් 15 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත්වරයා අද (01) මාර්ගගත (Zoom) තාක්ෂණය ඔස්සේ නියෝග කළේය.

2008 වසරේදී කල්ලඩි ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම, කාත්තන්කුඩි හිදී TMVP පක්ෂයේ සාමාජිකයෙකු ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ වවුනතිවු - කරෙයියන්කන්තිවු ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම යන සිද්ධීන් සම්බන්ධයෙන් මෙම නඩුව පවරා ඇත.

මෙම නඩුවට අදාළව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) සහ කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි හමුදා බුද්ධි අංශ තොරතුරුකරුවන් වන මොහොමඩ් සිෆාන් සහ මොහොමඩ් සකීද් යන අය 2025 නොවැම්බර් මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම ඝාතන සිද්ධීන් සම්බන්ධයෙන් පිල්ලෙයාන්, හමුදා බුද්ධි අංශ තොරතුරුකරුවන් දෙදෙනා සහ ලන්ඩනයේ පදිංචි 'මොහොමඩ් ෆායිස්' නමැත්තා ඇතුළු 4 දෙනෙකුට එරෙහිව 2026 ජූනි 17 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරන ලද අතර, එතැන් සිට සැකකරුවන් දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.

මෙම නඩුව අද (01) මඩකලපුව  මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන  මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, බන්ධනාගාරයේ සිට මාර්ගගත (Zoom) තාක්ෂණය ඔස්සේ සැකකරුවන් වන පිල්ලෙයාන්, මොහොමඩ් සිෆාන් සහ මොහොමඩ් සකීද් යන තිදෙනා ඉදිරිපත් කෙරිණි.

කරුණු සලකා බැලූ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා, සැකකරුවන් තිදෙනා ලබන සෙප්තැම්බර් 15 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතර, ලන්ඩනයේ සැඟව සිටින 'මොහොමඩ් ෆායිස්' නැමැත්තාට එරෙහිව විවෘත වරෙන්තුව (Open Warrant) නැවත නිකුත් කරමින් නඩුව කල් තැබීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

 22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

 පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

 භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

 කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

 සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

 සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

Lassana Flora
Spotlight
නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප

 කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

 ''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

 22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට