
අධික වේගයෙන් හා විවිධ ශබ්ද සයිලන්සර් සවි කර අධිධාරිතා යතුරුපැදි 04ක් ධාවනය කරමින් සිටි යතුරුපැදිකරුවන් සිව් දෙනෙකු නිකවැරටිය නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් අවුරුදු 18, 19, 20 හා 22 වයස්වල පසුවන නිකවැරටිය, විතිකුලිය, කොබෙයිගනේ හා තුත්තිරිපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
මෙම යතුරුපැදි සියල්ල ව්‍යාජ අංක තහඩු සවි කර ධාවනය කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
නිකවැරටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

















































