
22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිය සංගමය විසින් මෙතෙක් ස්ථාවරයකට පැමිණ නොමැති බව රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසා ඇත්තේ, පසුගිය දිනවල 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිය සංගමයේ අදහස ලෙස විවිධ මාධ්‍යවල පළ වූ පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බවය.
එම සංශෝධනය සම්බන්ධයෙන් සංගමයේ විධායක කමිටුවේ හෝ මධ්‍යම කාරක සභාවේ කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති අතර, කිසිදු නිල නිවේදනයක් ද නිකුත් කර නොමැති බව එම සංගමයේ ලේකම් වෛද්‍ය අරුණ අභයර්වධන මහතා පවසයි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ආරාධනාවක් මත වෘත්තීය සමිති දැනුවත් කිරීමේ සාකච්ඡාවකට පමණක් තම නිලධාරීන් සහභාගී වූ බවත්, එය කිසිසේත්ම එම සංශෝධනය සම්බන්ධයෙන් සංගමය ස්ථාවරයක් ගැනීමක් නොවන බවත් ඔවුන් පෙන්වා දෙයි.
වගකිවයුතු වෘත්තීය සංගමයක් ලෙස 22 වැනි සංශෝධනය වැනි නීතිමය සහ අධිකරණමය කාරණා තම විෂය පථයට අයත් නොවන බව ද සංගමය වැඩිදුරටත් කියා සිටී.
අදාළ සම්පුර්ණ නිවේදනය

















































