header logo
SLIC
උණුසුම් පුවත්
ත්‍රිවිල් ගාස්තුවේ වෙනසක් නැහැ
2h ago
ත්‍රිවිල් ගාස්තුවේ වෙනසක් නැහැ
Mobitel 1278

රජය විසින් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් පහත හෙළනු ලැබුවද, ත්‍රීරෝද රථ ගාස්තුවල කිසිදු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එල්. රෝහණ පෙරේරා මහතා පවසයි.

කිරිපිටි සහ පාන් පිටි මිල ඉහළ නංවමින් ඉන්ධන මිල රුපියල් 15කින් පහත දැමීම රජයේ උපක්‍රමශීලී ක්‍රියාමාර්ගයක් බවට චෝදනා කළ ඒ මහතා, ත්‍රීරෝද රථ ගාස්තු නියාමනයට අදාළ සියලුම මිල ගණන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් සකස් කර අමාත්‍යාංශය වෙත භාර දී ඇති බව සඳහන් කළේය.

බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියෙන් ගාස්තු සංශෝධනයක් ඉල්ලා සිටිය නොහැකි බවත්, නියාමන බලතල ජාතික ගමනාගමන කොමිෂන් සභාව සතු බැවින් මිල පාලනයට තමන්ට අයිතියක් නැති බව එම අධිකාරිය ප්‍රකාශ කර ඇති බවත් ඔහු  මෙහිදී පැවසීය.

ඒ අනුව, නීත්‍යානුකූල ගාස්තු සංශෝධනයක් එන තෙක් පළමු කිලෝමීටරය සඳහා රුපියල් 110ක් සහ දෙවන කිලෝමීටරයේ සිට රුපියල් 90ක් වන පැරණි ගාස්තුම අය කිරීමට සිදුවන බව රෝහණ පෙරේරා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එහිදී අදහස් දැක්වූ ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එල්. රෝහණ පෙරේරා මහතා,

''මේ වෙනකොට රජය විසින් ඉන්ධන මිල සංශෝධනය කරමින් ඔක්ටේන් 92 තවත් රුපියල් 15කින් අඩු කරලා තියෙනවා. ඇත්තටම මේ වෙලාවේ ආණ්ඩුව හරිම කට්ට කෛරාටික විදිහට තමයි මේ වැඩේ කරන්නේ. මොකද මේ පැත්තෙන් කිරිපිටි මිලයි, පාන් පිටි මිලයි නග්ගන කොට මෙහෙන් රුපියල් 15ක් අඩු කරනවා ඉන්ධන මිලෙන්. නමුත් ත්‍රිරෝද රථ සේවාවට අදාළ අයකිරීම් ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් නියාමනයට අදාළ සියලුම මිල සඳහන් කරලා ඒ සියලු කටයුතු අමාත්‍යංශයට භාර දීලා තියෙනවා. දැන් අමාත්‍යංශය විසින් කැබිනට් අනුමැතියත් අරගෙන මේ වෙනකොට ඒ අදාළ නීති කෘත්‍යයන් සඳහා නීතිපති ළඟ තමයි තියෙන්නේ. එතකොට නීතිපතිතුමා තමයි මේ සම්බන්ධයෙන් කටයුතු කරලා ඉතාමත් ඉක්මනින් මේ වැඩේ දාන්න ඕනේ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවට දැම්මට පස්සේ එතනින් අනුමත වුණායින් පස්සේ අත්සන් කරායින් පස්සේ තමයි මේක නීතියක් බවට පත්වෙන්නේ. අපිට වෙනදා වගේ බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ මිල පාලන කමිටුවෙන් ඉල්ලීමක් කරන්න බැහැ මේ වගේ වෙලාවට. මොකද දැන් පහුගිය කාලෙදි අපි ඒ ඉල්ලීම කරහම එහි සභාපතිතුමා පැහැදිලිවම සඳහන් කළේ දැන් ඒ අයට අයිතියක් නැහැ මේ මිල සම්බන්ධයෙන් කටයුතු කරන්න. ජාතික ගමනාගමන කොමිෂන් සභාවත් එක්ක ඒ ගැන කතා කරන්න කියලා. දැන් අපි මේ වෙනකොට මේ වැඩ කටයුතු සියල්ල අවසන් කරලා තියෙනවා. මේ වෙනුවෙන් කටයුතු කරන්නේ කොයි වෙලාවෙද කියන එක, ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන්. ඒ නිසා, අපි තවදුරටත් මේ ගැන කතා කරනවා නම්, අපිට කියන්න තියෙන්නේ, පැරණි මිලම තමයි අපිට පාවිච්චි කරන්න වෙන්නේ. නීත්‍යානුකූල මිලක් එනකං. ඒ කියන්නේ පළවෙනි කිලෝමීටරයේ 110ක්, දෙවෙනි කිලෝමීටරයේ රුපියල් 90ක් කියන සීමාව තුළ තමයි අපිට ඉන්න වෙන්නේ. නමුත් මහා මාර්ගයේදී සාමාන්‍ය ත්‍රිරෝදරථ භාවිතාවේදී, ඒ මිල ගණන්වලට නෙමෙයි, රුපියල් 110,120 ආදී වශයෙන් තමයි මිල අය කරන්නේ. නමුත් එතනදී තාම නීතියක් විදියට මේක ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා තමයි ඔය තත්වයටම පත් වෙලා තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ඉතාමත් ඉක්මනින් මේ අදාළ නියාමනය යටතේ මේ මිල ගණන් එයි කියලා.''

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
පාන් මිල රු 10කින් ඉහළට

පාන් මිල රු 10කින් ඉහළට

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

Lassana Flora
Spotlight
පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි