
වව්නියාව, කෝවිල්කුලම් ප්‍රදේශයේදී වෙළඳසැලක අලෙවි කිරීමට සුදානම් කර තිබූ ගංජා මිශ්‍ර මදනමෝදක කිලෝග්‍රෑම් 04 ග්‍රෑම් 510ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වව්නියාව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමක දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 20ක් වන මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වව්නියාව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

















































