
කැලණි ගඟේ දිය නෑමට ගොස් දියේ ගිලී අතුරුදන් වූ තරුණයාගේ සිරුර සොයා දෙවන දිනටත් අද (30) අඛණ්ඩව මෙහෙයුමක් දියත් කර තිබේ.
අදාළ තරුණයා ඊයේ (29) මුල්ලේරියාව, පොකුණුගොඩ ප්‍රදේශයේදී කැලණි ගඟේ දියනෑමට ගොස් මෙම අනතුරට මුහුණ දී තිබුණි.
මෙලෙස අතුරුදන් ව ඇත්තේ 26 හැවිරිදි තරුණයෙක් බවද සඳහන්.
මුල්ලේරියාව පොලිසිය සහ පොලිස් නාවික කොට්ඨාසයේ කිමිදුම් ඒකකය එක්ව ඊයේ (29) දිනයේ සිට මෙම විශේෂ මෙහෙයුම දියත් කර තිබුණි.
කෙසේවෙතත් නිලධාරීන් සඳහන් කර සිටියේ මේ වනතෙක් ඔහුගේ සිරුර සොයා ගැනීමට නොහැකි වූ බවය.

















































