
කන්තලේ, සීනිපුර ප්‍රදේශයේ දී සිදු කළ වැටලීමක දී අයිස් මත්ද්‍රව්‍ය සමග දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් කන්තලේ අග්බෝපුර පොලීසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 22ත් 33ත් වන දිගම්පතාන හා සීනිපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
අදාළ පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සහ අනෙක් පුද්ගලයා සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් සොයා ගැනීමට පොලිස් නිලධාරීන් සමත් වී තිබේ.
සැකකරුවන් දෙදෙනා කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

















































