
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 50කට තවදුරටත් ඩෙංගු අධිඅවදානම් කලාපයේ පසුවන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
මෙරට ඩෙංගු රෝගීන් සම්බන්ධයෙන් නවතම දත්ත නිකුත් කරමින් එම ඒකකය මේ බව සඳහන් කළේය.
ඒ අනුව මේ වසරේ මේ දක්වා ආසාදිතයින් 95,174 දෙනෙකු වාර්තාවී ඇත.
අගෝස්තු මාසයේදී රෝගීන් 9,838 හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒ්කකයේ නිකුත් කළ වාර්තාවේ දැක්වේ.
2026 වසරේ මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 95,174 දෙනෙකුට ඩෙංගු ආසාදනයවී තිබේ.
වැඩිම රෝගීන් ප්‍රමාණයක් බස්නහිර පළාතෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 50,358කි.
දකුණු පළාතෙන් රෝගීන් 13,854ක්, මධ්‍යම පළාතෙන් රෝගීන් 8,659ක් සහ සබරගමුව පළාතෙන් රෝගීන් 7,825ක් හඳුනාගෙන ඇත.
දිස්ත්‍රික්ක වශයෙන් වැඩිම රෝගීන් ප්‍රමාණය ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 20,276ක් බව සඳහන්ය.
එමෙන් ඩෙංගු ආසාදිත මරණ 72ක් මේ වසර තුළ සිදුව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.

















































