
සීගිරිය පව්ව ආසන්නයේ පිහිටි සංවේදී කලාපයේ පොළොව හාරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු පොලීසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
යම්කිසි පිරිසක් නිදන් හාරමින් සිටින බවට සීගිරිය වනජීවි කාර්යාලයට ලැබුණු තොරතුරක් සිදුකළ වැටලීමකදී රාජ්‍ය ලාංඡනය සහිත ත්‍රීරෝද රථයක් දැක ඇති අතර එහිදී අදාළ පුද්ගලයින් තිදෙනා අත්අඩංගුවට පත්ව ඇත.
ප්‍රශ්න කිරීමේදී ඔවුන් එම ආසන්නයේ නිවසකට ජලය ලබා දීම සඳහා කටයුතු කරන බව පැවසුවත් ඒ සම්බන්ධව ඔවුන් විසින් ලබා දුන් ප්‍රකාශ සැක සහිත බැවින් ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී ඔවුන් සතුව තිබී කැණීම් සඳහා යොදා ගත් හැමර් යන්ත්‍රයක් සහ උපකරණ කිහිපයක්ද නිලධාරීන් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් තිදෙනාගෙන් දෙදෙනෙකු දඹුල්ල ජල සම්පාදනයේ සේවය කරන බවත් අනෙක් පුද්ගලයා ඉඩමේ හිමිකරු බවත් වාර්තා වේ.
සැකකරුවන් හෙට (31) දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

















































