
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු විරේන්ද්‍ර සෙවාග්ගේ පුත් ආර්යවීර් සෙවාග් සහ හිටපු නායක මෙන්ම හිටපු ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ්ගේ බාල පුත් අන්වේ ඩ්‍රාවිඩ් ඉන්දීය 19න් පහළ සංචිතයට තේරී පත්ව තිබේ.
එක්දින තරග 3කින් සහ සිව්දින තරග 2කින් සමන්විත ඔස්ට්‍රේලියානු වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය සඳහා ඔවුන් මෙලෙස තෝරාගෙන ඇත.
දකුණත් පිතිකරුවකු වන ආර්යවීර් සෙවාග්, 2024 වසරේ පැවති කුච් බිහාර් කුසලාන තරගාවලියේදී මේඝාලය කණ්ඩායමට එරෙහිව ලකුණු 297ක් රැස් කරමින් කැපී පෙනෙන දක්ෂතා දක්වා ඇත.
ඔහු 2026 දිල්ලි ප්‍රිමියර් ලීග් තරගාවලියේදී වෙස්ට් ඩෙල්ලි ලයන්ස් කණ්ඩායම නියෝජනය කළේය.
එසේම රාහුල් ඩ්‍රාවිඩ්ගේ බාල පුත් අන්වේ ඩ්‍රාවිඩ්, ඉකුත් ජූලි මාසයේ පැවැති ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා වූ ඉන්දීය 19න් පහළ සංචිතයටද ඇතුළත්ව සිටියේය.

















































