
රුපියල් හැත්තෑ හත් ලක්ෂ හතලිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගීන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 30 සහ 35 වයස්වල පසුවන චීන ජාතික ව්‍යාපාරික කාන්තාවන් දෙදෙනෙකු වේ.
ඔවුන් මෙම දුම්වැටි තොගය චීනයෙන් මිලදී ගෙන මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර වෙත පැමිණ එතැන් සිට මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්.- 497 දරන ගුවන් යානයෙන් අද (29) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 04ක් තුළ තිබී චීනයේ නිෂ්පාදිත දුම්වැටි 51,600ක් අඩංගු දුම්වැටි කාටූන් 258ක් නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

















































