
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දෙවැනි විශාලම ජලාශය ලෙසින් සැලකෙන මින්නේරිය වැවේ ජල මට්ටම 36%ක් දක්වා තවදුරටත් පහත වැටී තිබේ.
එම ජලාශයේ සමස්ත ධාරිතාව අක්කර අඩි 110,000ක් පමණ වන අතර, එය මේ වනවිට අක්කර අඩි 40,000ක් දක්වා අඩුවී ඇත.
කෙසේ නමුත් මිනේරිය ජලාශයෙන් මෙවර යල කන්නේ කුඹුරු සඳහා ජලය නිකුත් කිරීම තවත් දින දෙකකින් අවසන් කිරීමට නියමිතව තිබේ.
පොළොන්නරුවේ විශාලම ජලාශය ලෙසින් සැලකෙන පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටමද මේ වනවිට සැලකිය යුතු අන්දමින් පහත තිබේ.
එහි සමස්ත ධාරිතාව අක්කර අඩි 116,000 පමණ වුවත්, මේ වනවිට එය අක්කර අඩි 63,000ක් දක්වා පහත බැස ඇති අතර, එය මුළු ධාරිතාවෙන් 56%ක් වේ.
මේ වනවිට යල කන්නය සඳහා එම ජලාශයෙන් ජලය ලබාදීම අවසන් කර ඇති බව සඳහන්.
එමෙන්ම අක්කර අඩි 21,600ක් වන ගිරිතලේ ජලාශය ජල මට්ටමද සීඝ්‍රයෙන් පහත බසිමින් තිබෙන අතර, මේ වනවිට එය අක්කර අඩි 8,500කට අඩුවී ඇත.
කෙසේ නමුත් එම ජලාශයෙන්ද යල කන්නය සඳහා ජලය මුදා හැරීම මේ වනවිට නවතා තිබේ.

















































