
තංගල්ල පොලිස් වසමේ මහගොඩ ප්‍රදේශයේදී පුද්ගලයකුට පොල්ලකින් පහරදී ඝාතනය කර තිබේ.
පොලිසිය සඳහන් කළේ පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා තංගල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවය.
ඊයේ (28) රාත්‍රි කාලයේදී මෙම ඝාතනය සිදුකර ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 35ක් වූ මහගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
තංගල්ල පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලක් මත සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.
මරණකරු හා ඔහුගේ සහෝදරයෙකු සමග ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
වයස අවුරුදු 28ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර තංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

















































